Hall of Fame
අප පන්තියේ සාර්ථකත්වයේ සහතික
නදීශ සර් ගේ Revision පන්තිය නිකංම Revision එකක් නෙවෙයි. ඒක Revision + Paper ක්ලාස් එකක්. Revision පන්තියේදී සර් අපිට විෂය කරුණු ආපහු මුල ඉදං මතක් කරනවා වගේම, තනිකරම අපිව පුරුදු කළා ප්‍රශ්න වලටම උත්තර ලියන්න. සර් ගේ Revision tute එක තනිකරම Question Book එකක්. ඒ ප්‍රශ්න ඔස්සේ නැවත විෂය කරුණු අපිට මතක් කරවනවා. නදීශ සර් Revision පන්තිය පැය 3 හමාරක් කරනවා. ඒකේ සර් එක සතියක පළවෙනි පැයේ අපිට paper එකක් දෙනවා තනියෙන් ලියන්න. ඊට පස්සේ උගන්නනවා. ඊලග සතියේ සර් අර අපි කරපු paper එක බලලා, ලකුණු දාලා අපිටම දෙනවා Marking Scheme එකකුත් එක්ක. ඊලග සතියේ ඒ paper එකේ අඩුපාඩු සාකච්ඡා කරලා තමා සර් උගන්නන්නේ. සර් අපිට ඒවගේ papers 25 කළා Revision පන්තියේ. මේ නිසා ඉස්කෝලේ වාර විභාගෙට වුනත් මට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් වුනා.
නදීශ සර් theory විෂය නිර්දේශය මාස 4කට කලින් ඉවර කරලා, ඒක paper class එකකට හැරෙව්වා. Paper class ඒකේ සර්, A/L විදියටම හදපු පැය 5 papers 8ක් අපිට කෙරෙව්වා. අපිට උත්තර ලියන්න දීලා, සර් ඒවා බලලා ලකුණු දාලා ගෙනල්ලා දීලා, අඩුපාඩු සාකච්ඡා කළා. ඒ papers හරිම අමාරුයි. මොකද කටපාඩම් කරලා ලියන්න බෑ. සෑහෙන්න ප්‍රායෝගිකව හිතන්න ඕන. ඒ වගේම ප්‍රශ්න තමා AL exam එකෙත් එන්නේ. ඒ ඔක්කොම මම ලිව්ව නිසා මට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුණා.
නදීශ සර් ගෙ වැඩ ගොඩක් පිළිවෙලයි. Theory පන්තියේ ඉදලා Revision පන්තිය සහ Paper කලාස් එක දක්වා සර් අපිට පිළිවෙළට ඉගැන්නුවා. නදීශ සර් මාර ලස්සනට ප්‍රායෝගික උදාහරණ අරගෙන අපිට පාඩම් උගන්නනවා, අහන් ඉන්න ආසයි. සර් අපිට නිතරම අළුත් දැනුම දුන්නා. ලෝකයේ සිදුවන දේවල් ගැන අපිව Update කළා. සර් ගෙ theory notes වුනත් මාර පිළිවෙලයි. අනවශ්‍ය කරුණු නැහැ. අවශ්‍යම දේවල ටික, පාඩම් කරගන්න පහසු වෙන විදියට පිළිවෙලට අපිට දීලා තියෙනවා. විභාගේ ලංවුනාම මගේ යාලුවෝ ගොඩ දෙනෙක් මගෙන් නදීශ සර් ගේ theory notes ඉල්ලගෙන photocopy කරගෙන ඒවා පාඩම් කලා, එයාලා ගියපු පන්ති වල දුන්න notes ලොකු වැඩී කියලා.
Theory Class එකේ හැම පාඩමක්ම ඉවර වුනාම පේපර් එකක් කරනවා. ඒක පන්තයේදී time තියෙලා අපිට කරන්න දීලා, සර් ඒවා එකතු කරගෙන ලකුණු දාලා අපිට ගෙනල්ලා දෙනවා. ඒකෙන් අපිට පාඩම් කරන්න motivation එකක් හැදෙනවා. ඒ වගේම අඩුපාඩුත් හදාගන්න පුළුවන් වුණා. ඒවගේම නදීශ සර් syllabus අපිට ඉවර කළා විභාගෙට මාස 4කට කලින් වගේ. මගේ යාලුවෝ ගියපු සමහර පන්ති වල syllabus ඉවර කලේ විභාගෙට සති දෙකක් වගේ තියාගෙන. ඒ නිසා ඒ ළමයි මාර හිර වුනා. හැබැයි අපිට එහෙම ප්‍රශ්නයක් වුනේ නෑ.
මම ගොඩක sports කරපු කෙනෙක්. මුලදී පාඩම් කළේම නෑ. ඒත් සර් කවදාවත් sports කරන්න එපා කිව්වේ නෑ. හැමදාම කිව්වේ ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙකම Balanace කරගෙන යන්න කියලා. Sports Practice වැටිලා පන්ති යන්න බැරි වුනත්, මට එදා කරපු පන්තියේ Recording බලන්න පුළුවන් වෙන විදියට හොද platform එකක් නදීශ සර් හදලා තිබුණා. සර්ගෙන් හම්බුන මගපෙන්වීම නිසා මට හොද ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුනා අවසානයේදී.
