★★★★★
★★★★★
District Rank 34

නදීශ සර් ගේ Revision පන්තිය නිකංම Revision එකක් නෙවෙයි. ඒක Revision + Paper ක්ලාස් එකක්. Revision පන්තියේදී සර් අපිට විෂය කරුණු ආපහු මුල ඉදං මතක් කරනවා වගේම, තනිකරම අපිව පුරුදු කළා ප්‍රශ්න වලටම උත්තර ලියන්න. සර් ගේ Revision tute එක තනිකරම Question Book එකක්. ඒ ප්‍රශ්න ඔස්සේ නැවත විෂය කරුණු අපිට මතක් කරවනවා. නදීශ සර් Revision පන්තිය පැය 3 හමාරක් කරනවා. ඒකේ සර් එක සතියක පළවෙනි පැයේ අපිට paper එකක් දෙනවා තනියෙන් ලියන්න. ඊට පස්සේ උගන්නනවා. ඊලග සතියේ සර් අර අපි කරපු paper එක බලලා, ලකුණු දාලා අපිටම දෙනවා Marking Scheme එකකුත් එක්ක. ඊලග සතියේ ඒ paper එකේ අඩුපාඩු සාකච්ඡා කරලා තමා සර් උගන්නන්නේ. සර් අපිට ඒවගේ papers 25 කළා Revision පන්තියේ. මේ නිසා ඉස්කෝලේ වාර විභාගෙට වුනත් මට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් වුනා.

හන්ෂි දිනූෂිකා
විශාඛා විද්‍යාලය · ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය