Business Studies - Nadeesha Koralage

The best BS class in Nugegoda, which guarantees results through a practical teaching style, is now available online to the entire island...

Search Now!
Contact Info
Phone 074 068 8620
Location 409 3/1, High Level Road, Gangodawila, Nugegoda.
Follow Us
Contact Info
Phone 074 068 8620
Location 409 3/1, High Level Road, Gangodawila, Nugegoda.
Follow Us

Nadeesha Koralage - Business Studies Teacher
Nadeesha Koralage BS class
ABOUT YOUR TEACHER

ඔබගේ ගුරුවරයා පිලිබදව

Nadeesha Koralage BS class

ඔබේ ගුරුවරයා ශ්‍රී ලංකාවේ හොදම කළමනාකරණ පීඨය හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශයෙන් අලෙවි කළමනාකරණය පිළිබද විශේෂ උපාධියක් ලබාගෙන වෘත්තීය දේශකවරයෙකු ලෙස දරුවන්ට ව්‍යාපාර අධ්‍යයනය විෂය ඉගැන්වීම ආරම්භ කරන ලදී. කෙටි කලකින්ම ව්‍යාපාර අධ්‍යයනය විෂයට ලංකාවේ වැඩිම සරසවි සමතුන් බිහි කරන BS පන්තිය නිර්මාණය කිරීමට ඔහුට හැකි වූයේ, පැහැදිලි සහ ප්‍රායෝගික වැඩපිළිවලක් සමග හොද ප්‍රතිඵලයක් සදහා දරුවන්ට මගපෙන්වීමක් සැපයූ නිසාය. ඊට පන්ති සහභාගී වූ දරුවන්ම පහත සාක්ෂි දරා තිබේ.

එන්න, හොඳම සර්ගෙන් හරිම දේ ඉගෙනගන්න
Our Results

ප්‍රතිඵල මතින් ගොඩනැගුනු අපේ පන්තිය.

අභිමානවත් ප්‍රතිඵල සමග ලංකාවේ
වැඩිම
විශ්වවිද්‍යාල සමත් ප්‍රතිශතය
%
ව්‍යාපාර අධ්‍යයන පන්තියකින් වාර්තාකල වැඩිම
A හා B ප්‍රතිශතය
%
සිසු දරුවෙන්ගේ විශ්වාසය සුරැකි
සුවිශේෂ
සමත් ප්‍රතිශතය
%
Our Classes

ඔබට සම්බන්ධ විය හැකි අපගේ පාඨමාලා.

2026 Theory - Online Class

2026 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන theory online පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. පැහැදිලි නිබන්ධනයක් හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Memory Boosters, Case Study, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Class වලට සම්බන්ධ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.

Enroll Now

2027 Theory - Online Class

2027 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන theory online පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. පැහැදිලි නිබන්ධනයක් හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Memory Boosters, Case Study, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Class වලට සම්බන්ධ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.

Enroll Now
2027 Theory - Online Class

2026 Paper Class

2026 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන Physical Papers පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Zoom Live Class වලට සම්බන්ධවීම සහ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.

Enroll Now
2026 Paper Class

2028 Theory - Online Class

2028 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන theory online පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. පැහැදිලි නිබන්ධනයක් හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Memory Boosters, Case Study, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Class වලට සම්බන්ධ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.

Enroll Now
2028 Theory - Online Class

Lesson Wise Class

මෙම Packages මිලදී ගැනීමට පෙර පහත අංකයට ඇමතුමක් ලබාදී නිබන්ධන තිබේ දැයි දැනගන්න.

074 071 65 33
Lesson Wise Class

2026 Revision - Online Class

2026 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන Physical Revision පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. Question Booklet හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Revision Papers, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Zoom Live Class වලට සම්බන්ධවීම සහ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.

Enroll Now
2026 Revision - Online Class
BS+ MCQ

ඔබේ දැනුම ඔබටම පරීක්ෂා කරගන්න, MCQ ප්‍රශ්න රාශියක්...

විෂය කරුණු පිළිබඳ ඔබගේ අවබෝධය මැනගන්න MCQ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්න.

  • Timed MCQs
  • Instant Results
  • Leaderboard Ranking
  • Progress Tracking
BS+ MCQ app preview
Islandwide Exam Centers

ලංකාවේ ප්‍රථම වරට ව්‍යාපාර අධ්‍යයනය පන්තියක දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 44කදී ප්‍රශ්න පත්‍ර ලිවීම ආරම්භ වේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 44ක දී ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.
සෑම විභාග මධ්‍යස්ථානයකම උසස් පෙළ විභාගය හා සමාන ගුණාත්මක භාවයකින් යුතුව ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුකෙරේ.
සියලුම විභාග මධ්‍යස්ථාන අපගේ විශේෂයෙන් පුහුණු කරන ලද instructors ලා මඟින් අධීක්ෂණය කෙරේ.
උසස් පෙළ විභාගය හා සමාන ගුණාත්මකභාවයකින් යුතුව සුවිශේෂී අධීක්ෂණයක් සහිතව instructors ලා හරහා ‍ප්‍රශ්න පත්‍ර ලකුණු කර සිසුන් වෙත ලබාදෙනුු ලැබේ.
සෑම සිසුවෙක්ම තනි තනිව Instructors ලා මගින් අධීක්ෂණය කරනු ලබන අතර ඔවුන්ගේ ලකුණු වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ උපායමාර්ග සිසුන් වෙත ලබා දෙනු ලැබේ
Top Ranks

අප පන්තියේ සාර්ථකත්වයේ සහතික

★★★★★
★★★★★
District Rank 34

නදීශ සර් ගේ Revision පන්තිය නිකංම Revision එකක් නෙවෙයි. ඒක Revision + Paper ක්ලාස් එකක්. Revision පන්තියේදී සර් අපිට විෂය කරුණු ආපහු මුල ඉදං මතක් කරනවා වගේම, තනිකරම අපිව පුරුදු කළා ප්‍රශ්න වලටම උත්තර ලියන්න. සර් ගේ Revision tute එක තනිකරම Question Book එකක්. ඒ ප්‍රශ්න ඔස්සේ නැවත විෂය කරුණු අපිට මතක් කරවනවා. නදීශ සර් Revision පන්තිය පැය 3 හමාරක් කරනවා. ඒකේ සර් එක සතියක පළවෙනි පැයේ අපිට paper එකක් දෙනවා තනියෙන් ලියන්න. ඊට පස්සේ උගන්නනවා. ඊලග සතියේ සර් අර අපි කරපු paper එක බලලා, ලකුණු දාලා අපිටම දෙනවා Marking Scheme එකකුත් එක්ක. ඊලග සතියේ ඒ paper එකේ අඩුපාඩු සාකච්ඡා කරලා තමා සර් උගන්නන්නේ. සර් අපිට ඒවගේ papers 25 කළා Revision පන්තියේ. මේ නිසා ඉස්කෝලේ වාර විභාගෙට වුනත් මට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් වුනා.

හන්ෂි දිනූෂිකා - District Rank 34
හන්ෂි දිනූෂිකා
විශාඛා විද්‍යාලය · ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
★★★★★
★★★★★
District Rank 19

නදීශ සර් theory විෂය නිර්දේශය මාස 4කට කලින් ඉවර කරලා, ඒක paper class එකකට හැරෙව්වා. Paper class ඒකේ සර්, A/L විදියටම හදපු පැය 5 papers 8ක් අපිට කෙරෙව්වා. අපිට උත්තර ලියන්න දීලා, සර් ඒවා බලලා ලකුණු දාලා ගෙනල්ලා දීලා, අඩුපාඩු සාකච්ඡා කළා. ඒ papers හරිම අමාරුයි. මොකද කටපාඩම් කරලා ලියන්න බෑ. සෑහෙන්න ප්‍රායෝගිකව හිතන්න ඕන. ඒ වගේම ප්‍රශ්න තමා AL exam එකෙත් එන්නේ. ඒ ඔක්කොම මම ලිව්ව නිසා මට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුණා.

ටමාෂි කෝට්ටේආරච්චි - District Rank 19
ටමාෂි කෝට්ටේආරච්චි
මියුසියස් විද්‍යාලය · ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
★★★★★
★★★★★
District Rank 28

නදීශ සර් ගෙ වැඩ ගොඩක් පිළිවෙලයි. Theory පන්තියේ ඉදලා Revision පන්තිය සහ Paper කලාස් එක දක්වා සර් අපිට පිළිවෙළට ඉගැන්නුවා. නදීශ සර් මාර ලස්සනට ප්‍රායෝගික උදාහරණ අරගෙන අපිට පාඩම් උගන්නනවා, අහන් ඉන්න ආසයි. සර් අපිට නිතරම අළුත් දැනුම දුන්නා. ලෝකයේ සිදුවන දේවල් ගැන අපිව Update කළා. සර් ගෙ theory notes වුනත් මාර පිළිවෙලයි. අනවශ්‍ය කරුණු නැහැ. අවශ්‍යම දේවල ටික, පාඩම් කරගන්න පහසු වෙන විදියට පිළිවෙලට අපිට දීලා තියෙනවා. විභාගේ ලංවුනාම මගේ යාලුවෝ ගොඩ දෙනෙක් මගෙන් නදීශ සර් ගේ theory notes ඉල්ලගෙන photocopy කරගෙන ඒවා පාඩම් කලා, එයාලා ගියපු පන්ති වල දුන්න notes ලොකු වැඩී කියලා.

ගයා ප්‍රභානී - District Rank 28
ගයා ප්‍රභානී
දේවි බාලිකා විද්‍යාලය · ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
★★★★★
★★★★★
District Rank 98

Theory Class එකේ හැම පාඩමක්ම ඉවර වුනාම පේපර් එකක් කරනවා. ඒක පන්තයේදී time තියෙලා අපිට කරන්න දීලා, සර් ඒවා එකතු කරගෙන ලකුණු දාලා අපිට ගෙනල්ලා දෙනවා. ඒකෙන් අපිට පාඩම් කරන්න motivation එකක් හැදෙනවා. ඒ වගේම අඩුපාඩුත් හදාගන්න පුළුවන් වුණා. ඒවගේම නදීශ සර් syllabus අපිට ඉවර කළා විභාගෙට මාස 4කට කලින් වගේ. මගේ යාලුවෝ ගියපු සමහර පන්ති වල syllabus ඉවර කලේ විභාගෙට සති දෙකක් වගේ තියාගෙන. ඒ නිසා ඒ ළමයි මාර හිර වුනා. හැබැයි අපිට එහෙම ප්‍රශ්නයක් වුනේ නෑ.

කනිශ්කා ගයනි - District Rank 98
කනිශ්කා ගයනි
ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය · ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
★★★★★
★★★★★
District Rank 523

මම ගොඩක sports කරපු කෙනෙක්. මුලදී පාඩම් කළේම නෑ. ඒත් සර් කවදාවත් sports කරන්න එපා කිව්වේ නෑ. හැමදාම කිව්වේ ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙකම Balanace කරගෙන යන්න කියලා. Sports Practice වැටිලා පන්ති යන්න බැරි වුනත්, මට එදා කරපු පන්තියේ Recording බලන්න පුළුවන් වෙන විදියට හොද platform එකක් නදීශ සර් හදලා තිබුණා. සර්ගෙන් හම්බුන මගපෙන්වීම නිසා මට හොද ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුනා අවසානයේදී.

මිශාන් කෝට්ටේආරච්චි - District Rank 523
මිශාන් කෝට්ටේආරච්චි
රාජකීය විද්‍යාලය · කොළඹ විශ්වවිද්‍යාලය